Tuesday, June 29, 2010

ජංගම දුරකථනය


සැම විට මගේ නෙතු ඉමේ රැඳෙන
දුකෙහිදිත් සැපෙහිදිත්
මා හැර නොයන...
නොනිදා
මා නිදන විට
මගේ හිස අද්දර
මැදියම් රැයෙහිදිත් අවදිව හිඳින...
පන්තියෙදිත් මා සමගම රැඳෙන
නිහඬවම ,
පොත් බෑගය දෙදරුම් කවන..
මගේ හැම රහසක් දන්න..
මවගේ දෝස්මුර නොතකා
මා අසලම දැවටෙමින්
විටෙක ඇමතුම් ගන්න...
විටෙක කෙටි පණිවුඩ යවන...
ඔබ.........,

Monday, June 21, 2010

සෙනෙහසේ නවතැන.


පිපෙන්නට වෙර දරන
සොඳුරු මල් කැකුළු ලෙස
ඔබෙ සෙවණෙ අකුරු කල
සමය නිමවී ගොසින්,
විකසිතව සිනහසෙන
යෞවනය අද ඇවිත්
රැගෙන යන්නට
ඔබේ දුවණිය
දයාබර ගුරු මව්නි,
මතක දෝලාවේ නැගී
හැරයන්න අවසරයි
සෙනෙහසේ නවතැන............,